මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු මාසයේ නොපැවැත්වීමට තීරණය කර තිබේ.

විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේ අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත පසුගියදා පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගත් බවය.

මීට පෙර සෑම වසරකම අගෝස්තු මාසයේදී උසස් පෙළ විභාගය සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වුණි.

කෙසේවෙතත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාසල්වල අධ්‍යයන කටයුතුවලට බාධා පැමිණිම නිසා නියමිත පරිදි එම විභාග පැවැත්වීමට නොහැකි වී ඇති බව සඳහන් ය.

මේ අතර පළමු පාසල් වාරයේ දෙවන අදියර හෙටින් (15) ආරම්භ වේ.

බස්නාහිර පළාතේ 5, 11, 13 ශ්‍රේණි සඳහා පමණක් හෙට දිනයේ පාසල් විවෘත වන බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල් පීරිස් මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here