කෝටියකට අධික වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කාන්තාවක් මොරගහහේන ගෝනපල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඇය සතුව තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 268ක් සොයාගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රජගල්ගොඩගේ සුගත් කුමාර නොහොත් අසිත“ යන ජාවාරම්කරුගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා දීර්ඝ කාලයක සිට සහයෝගය ලබා දී ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here