ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින්ට කොවිඩ් වැළඳීමේ ප්‍රවනතාවය තුන් ගුණයකින් අඩු බව සිදුකළ සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියානු පර්යේෂකයින් පිරිසක් විසින් මෙම සමීක්ෂණය සිදුකර ඇති බවයි.

පර්යේෂකන් විසින් පුද්ගලයින් 304 දෙනෙකු යොදාගනිමින් මෙම සමීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇස් කන්නාඩි පැළඳ සිටින අය ඔවුන්ගේ මුහුණ අඩුවෙන් ස්පර්ශ කිරීම හේතුවෙන් වෛරසය ආසාදනය වීමේ අඩු අවදානමක් ඔවුන්ට පවතින බවයි.

සෑම පුද්ගලයෙකුම පැයකට 23 වතාවක් තම මුහුණ ස්පර්ශ කරන අතර තුන්වරක් ඇස් ස්පර්ශ කරන බවයි මෙම සමීක්ෂණය සිදුකළ පර්යේෂකයින් සඳහන් කරන්නේ.

පර්යේෂකයින් වැඩිදුරටත් සඳහන් කරන්නේ දීර්ඝ කාලීනව ඇස් කන්නාඩි පළදින පුද්ගලයින් නිරන්තරයෙන් මුහුණ සහ ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකීම සිටීම හේතුවෙන් ඔවුන්ට කොරෝනා වෛරසය ආසාදනය විමේ අඩු ප්‍රවනතාවයක් දක්නට ඇති බවයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here