ඉදිරි පෙළ සෞඛ්‍ය කාර්යමණ්ඩල වෙත එන්නත ලබාදීමෙන් පසු පුද්ගලික අංශයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩල වෙත කොවිඩ්  -19 එන්නත ලබාදීමට අවධානය යොමුව ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

රෝගීන් සමග නිතරම ගැටෙන පෞද්ගලික අංශයේ ඉන්න වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලය ඒ එන්නත් ආරක්ෂාව ලබාදෙන්න අපි අවධානය යොමු කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍ය සහ හෙද ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඉල්ලීම් ලැබිලා තියෙනවා මේ එන්නත ලබාදෙන්න කියලා. ගුවන් තොටුපොළ කාර්යමණ්ඩලයෙනුත් අපිට ඉල්ලීම් ලැබිලා තියෙනවා. දැනට එන්නත් මාත්‍රා මිලියන 180ක් අපි ඉල්ලුම් කරලා තියෙනවා. ලබන මාසෙ වෙනකොට ඒකෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 30ක් අපිට ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. මේ කොවිඩ් රෝගය කියන්නේ ඉතාමත්ම භයානක රෝගයක්. අපි හරි භයානකකම ලංකාවේ තාම දැකලා නෑ.”

තම ආදරණීයයන් රෝගයෙන් වෙන්කර තැබීම සඳහා PCR පරීක්ෂණවලට නොබියව මුහුණදෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here