එළඹෙන මාර්තු පලමුවන දා සිට එකොළොස් වන දා තෙක් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීමට ද සියලු කටයුතු සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පවසනවා.

මේ අනුව දිවයිනේ සියලු පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු 1 සිට මාර්තු 11 දක්වා නිවාඩු ලබාදීමට නියමිතයි.

ඉන් අනතුරුව, මාර්තු 15 වැනි සඳුදා සිට සෞඛ්‍ය බලධාරීන්ගේ අනුමැතියට යටත්ව දිවයිනේ සියලු පාසල් සියලුම ශ්‍රේණි සඳහා විවෘත කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here