2015 සිට 2019 දක්වා කාල සීමාව තුළ වෙළෙඳ අමාත්‍යංශයේ සිදුකර ඇති ඇතැම් අක්‍රමිකතා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් හා දූෂණ චෝදනා කොමිසමෙන් විමර්ශන සිදුකෙරෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (09) පැවැසීය.
එම කාල වකවානුව තුළ සතොස ඇතුළු ආයතන අසාමාන්‍ය ලෙස පාඩුලැබීම විශාල ගැටලුවක් බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් යොමුකළ ප්‍රශ්නයක අතුරු ප්‍රශ්නයකට පිළීතුරු ලබාදෙමින් අමාත්‍යවරයා කීවේය.
එම කාල සීමාවේ ගනුදෙනුවලට අදාළව සැපයුම්කරුවන් වෙනුවෙන් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 08 ක් බවද ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධව වෝහාරික විගණයක්ද සිදුකෙරෙන අතර, අදාළ ගනුදෙනුවලට සම්බන්ධ ලිපි ගොනු අස්ථානගතව ඇතැයි සැපයුම් ආයතන පැවසීම ගැටලුවක් බවද අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.