එළඹෙන 14 වනදාට යෙදෙන ආදරවන්තයින්ගේ දිනය සැමරීම වෙනුවෙන් විවිධ සාද පැවැත්වීමට කටයුතු සංවිධානය සමාජ මාධ්‍ය හරහා සිදුවෙමින් පවතින බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ එවැනි සාද සඳහා විවිධ කණ්ඩායම් එකතුවෙමින් සිටින බවට නිරීක්ෂණය වී ඇති බවයි.

වැඩිදුරටත් අඳහස් දැක් වූ අජිත් රෝහණ මෙලෙස පැවසුවා,

තවත් දින 4කින් පසුව පෙබරවාරි 14 උදා වෙනවා. සාමාන්‍යයෙන් පෙබරවාරි 14 හදුන්වන්නේ වැලන්ටයින් දිනය නැත්නම් පෙම්වතුන්ගේ දිනය කියලා. විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් ලෝකය පුරාත් ලංකාව පුරාත් විවිධ ආකාරයේ පෙම්වතුන්ට ඔවුන් කැමති ආකාරයට සුභ පැතුම් යවමින් එය සැමරීමට හැකියාව තියනවා.

කෙසේ වෙතත් පොලීසියට වාර්තා වෙනවා මෙම දිනය සැමරීමට අන්තර් ජාලය හරහා විවිධ සාද පැවැත්වීමේ උත්සහයක් දරන බවට. ඒ වගේම ඒ සඳහා විවිධ සමාජ මාධ්‍ය වල කණ්ඩායම් එකතු වෙමින් සිටින ආකාරය තිබෙන බවට වාර්තා වෙනවා.

මේ සම්බන්ධයෙන් පොලීසියේ දැඩි අවදානය යොමු වෙලා තියනවා.

එවැනි කිසිම ආකාරයක සාද සම්භාෂණ සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් නොමැතිව පවත්වනවනම් ඒ සියලු අය අත්අඩංගුවට ගැනීමට ක්‍රියා කරනු ලබනවා.

අපි තරුණ තරුණියන්ගෙන් ඉල්ලීමක් කරනවා මෙවැනි අවස්ථාවලට සහභාගී වන්නට එපා. එහෙම සහභාගී වුහොත් ඔබට අධිකරණය ඉදිරියට යාමට සිදු වෙයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here