දිනෙන් දින මෙරට කොරෝනා රෝගීන් ප්‍රමාණයේ වැඩි වීමක් දක්නට ලැබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලුත්ගේ පෙන්වා දෙනවා.

මාධ්‍ය වෙත අඳහස් දක්වමින් ඔහු මෙම අඳහස් ප්‍රකාශ කර සිටියා.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව කොරෝනා අවදානම් මට්ටමට පැමිණ ඇති බවයි.

දැන් අපිට සාමානයෙන් 700 – 750 වගේ ප්‍රමාණයක් තමයි රෝගීන් ඉන්නේ, බැලු බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් එහෙනම් රෝගීන් ගාන අඩුවෙලා කියලා. නෑ අපිට රෝගීන් 800,850,900 ආවේ අපේ PCR ප්‍රමාණය 18,000 වගේ කරන කොට.

දැන් දෛනිකව කරන PCR ප්‍රමාණය 12,000 අඩුවෙලා. එතකොට මේ 735 කියන්නේ PCR 6,000 විතර අඩුවෙන් කරන කොට.

මහ පොලවේ යථාර්තය තමයි රෝගීන් දවස ගානේ වැඩි වෙනවා. දළ වශයෙන් සමස්ත රට ගැන කතා කරද්දී මේ අවුරුද්දේ ආරම්භයේ තිබ්බ අවදානම දෙගුණ වෙලා තියනවා.

ඒක තුන් ගුණ වෙන එක , හතර ගුණ වෙන එක වලක්වන්න තමයි අපි මේ මොහොතේ කටයුතු කළ යුත්තේ. රටක් විදිහට අපි අවදානම් වලට වැටිලා ඉවරයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here