පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන රජයේ ප්‍රධානින් රැසකට එරෙහිව අපරාධ චෝදනා යටතේ නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඒ සම්බන්ධයෙන් කරුණු විමර්ෂණය කිරීම සඳහා පත්කළ ජනාධිපති විශේෂ විමර්ෂණ කොමිෂන් සභාව සිය අවසන් වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව පුවත්පතක් අද වාර්තා කර සිටිනවා.

හිටපු ජනාධිපති සහ අගමැතිවරයා අමතරව ආරක්ෂක ලේකම්වරයා ලෙස කටයුතු කළ හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර සහ ජාතික බුද්ධි ඒකකයේ ප්‍රධානි සිසිර මෙන්ඩිස්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

කල් තියා අනතුරු අඟවා තිබියදී පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරින්ට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස මෙහිදී ජනාධිපති විමර්ෂණ කොමිසම සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

පාස්කු ඉරිදා එල්ලවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණ සිදුකළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව ඉකුත් සඳුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබිය.

ප්‍රහාරය වලක්වා ගැනීමට කටයුතු නොකළ නිලධාරීන්ට අමතර අන්තවාදී අදහස් පතුරුවන ලද සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ ඒ පිළිබඳව නිසි විමර්ෂන සිදුනොකළ නිලධාරින් සම්බන්ධයෙන් කොමිසම විසින් සිය වාර්තාව මගින් නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

විදෙස් ආධාර ලබා ගනිමින් අන්තවාදී අදහස් පතුරුවනු ලැබූ පුද්ගලයින්ට එරෙහිව මෙහිදී කොමිසම විසින් සිය නිර්දේශ ඉදිරිපත් කොට ඇත.

හෙට දිනයේදී රැස්වීමට නියමිත කැබිනට් මණ්ඩලයේදී පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් වන කොමිෂන් වාර්තාව ගැන සාකච්ජා කිරීමට නියමිතව ඇති අතර වාර්තාව මේ දක්වා නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කර නොමැති බවයි එම පුවත්පත වාර්තා කරන්නේ.

එමෙන්ම මෙම කොමිසමේ වාර්තාව නිකුත් කිරීමෙන් පසු අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ජනාධිපතිවරයාට කතා කොට ඇති බවත් වාර්තා වේ අඩංගු නිර්දේශ කුමක්ද යන්න පිලිබඳ ඉක්මනින් ජනතාවට දැන ගැනීමට සලස්වන ලෙස ඉල්ලීමක් කර තිබෙන බවට කරුණු වාර්තා වූ බව වාර්තා කර සිටියි.

පසුගියදා පැවති නිදහස් දින උත්සවයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතමින් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරයට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. ඒ විශේෂ ජනාධිපති කොමිසමේ වාර්තාව සහ පාර්ලිමේන්තු තේරීම් කමිටුව විසින් ලබාදී ඇති නිර්දේශ සම්බන්ධයෙන් ද අවධානය යොමු කරන බවටද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here