ජාතික නිදහස් දිනය සැමරෙන අද දිනයේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාව ඉදිරිපිටදී සිංහලේ ජාතික කොඩිය යැයි පවසා කොඩියක් එසවීමට යාමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා.

මෙලෙස කොඩිය එසවීමට පැමිණ ඇත්තේ රඹුක්කන ගලදෙණිකඩ පුරාණ රජමහා විහාරාධිපති පුජ්‍ය මැදිරිගිරියේ සුඛී නම් හිමිනමක් බවටයි තොරතුරු වාර්තා වන්නේ.

එහිදී පොලිසිය පැමිණ ඊට එරෙහිව ලබාගත් අධිකරණ නියෝගය එම හිමිනම වෙත ඉදිරිපත් කර ඇති අතර අනතුරුව එම කොඩිය දළඳා සමිදුන් වෙත පූජා කිරීමට අවස්ථාව සලසාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here