ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට භාර දුන් වගකීම මම නොපිරිහෙලා ඉටු කරන බව ජනපති 73 වන ජාතික නිදහස් දිනයේදී ප්‍රකාශ කර සිටිනවා.
පාස්කු ඉරිදා ප්‍රහාරය සහ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් කටයුතු කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. 73 වන නිදහස් දින සැමරුමට එක්වෙමින් ජනාධිපතිවරයා ජාතිය අමතමින් කියා සිටියේ මෙම මහා අපරාධය සම්බන්ධයෙන් වගකිවයුතු සෑම දෙනාටම එරෙහිව නිතිය ක්‍රියාත්මක කරන බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ෂණය කිරීමට පත් කරනු ලැබූ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන් වෙත ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.

කොවිඩ් වෛරසය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක එන්නත් කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියේ.

සෑම අවස්ථාවකදීම රටේ මහජනතාව නොමග යැවීමට ඇතැම් පාර්ශව ක්‍රියා කරන බව පැවසූ ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ සෑම විටම විචාරණ බුද්ධියෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹිය යුතු බවයි.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයින්ට විකිනීමට රජය කටයුතු නොකරන ප්‍රතිපත්තිය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් එම මර්මස්ථාන දියුණු කිරීම සඳහා විදේශ ආයෝජන එක් කර ගැනීමේදී ඊට එරෙහිව කටයුතු කරමින් අසත්‍ය කරුණු ප්‍රචාරණය කරන අයවලුන් ගේ යටි අරමුණු සම්බන්ධයෙන් විචාරණ බුද්ධියෙන් ජනතාව කටයුතු කළ යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here