වෛද්‍ය ගයාන් දන්තනාරායන කියලා කියන්නේ කාගේත් අවදානය දිනාගත්ත මනුසත්කම් වලින් පොහොසත් වෛද්‍යවරයෙක් කියලා කිවුවොත් නිවැරදි.

වෛරසයට ගොදුරුවීමෙන් පසු ගයාන් ප්‍රතිකාර සඳහා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබුණා. ඉන් පසුව ඔහු ගාල්ල කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කලා. එහිදී ඔහුව එක්මෝ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කිරීමට සිදුවුනේ ඔහුට කෘත්‍රිමව ඔක්සිජන් ලබාදිය යුතුව තිබූ බැවිනි. ඉතින් ජීවිතයත් අතර දැඩි සටනක නිතර වෙමින් සිටි වෛද්‍ය ගයාන් අවසානයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අවසන් ගමන් යාමට ඔහුට සිදුවුණා.

විශේෂයෙන් ළමා වාට්ටුවේ සේවය කළ වෛද්‍ය ගයාන් දන්තනාරායන වෙහෙස මහන්සිය නොබලා දරුවන්ගේ ජීවිත බේරාගැනීමට මහඟු සේවයක් කළ අයකු හැටියට ප්‍රසිද්ධයි. වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතාගේ පියාත් දක්ෂ වෛද්‍යවරයෙක් ලෙස සේවය කරලා තියනවා. මේ වනවිට ඔහුගේ මව හා බිරිඳ පවා සිටින්නේ වෛරසයඅසාදනය වෙලා. වෛද්‍ය ගයාන්ගේ පවුලේ ඔහුට බාල සහෝදරයෙක් සහ සහෝදරියක්ද ඉන්නවා. වැඩිමහල් සහෝදරයා හදිසි දුම්රිය අ-නතු-රකින් පසුගිය කාලයේ අපෙන් සමුගෙන තියෙනවා. පාසල ඇරී නිවෙසට එනවිට සිදුවූ අනතුරකින් ඔහුට තම සහෝදරයා අහිමි වෙලා තියෙන්නේ.කොළඹ නුගේගොඩ ජාත්‍යන්තර පාසලක මූලික අධ්‍යාපනය ලැබූ ගයාන් අඩු වයසකින් වෛද්‍ය විද්‍යාව හැදෑරීමට සුදුසුකම් ලබා තියෙනවා. ඒ වගේම ගයාන් දන්තනාරායන චීනයේ ටියැන්ජින් වෛද්‍ය විද්‍යාලයේදී වසර 5ක ඉගෙනුම් කටයුතු නිම කරමින් 2010 වසරේ වෛද්‍ය උපාධිය ලබාගෙන තිබෙනවා. සංගීතයට ද කැමැත්තක් දැක් වූ ගයාන් ගිටාර් වාදනයට වැඩි වශයෙන් ප්‍රිය කල බවක් තමයි බොහෝ දෙනෙක් කියන්නේ. උපාධිය ලබාගෙන ලංකාවට පැමිණි ගයාන් වෛද්‍යවරයෙකු ලෙස මෙරට සේවය කිරීමට අවශ්‍ය විභාගයට මුහුණ දී ඉන් සමත් වෙලා හලාවත, අම්පාර වැනි දුෂ්කර රෝහල්වල කාලයක් සේවය කරලා තියනවා.

ඔහුගේ මිතුරෙක් මුහුණු පොතේ තැබූ සටහනක් තබා තිබුනේ මේ අයුරින්. දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා දුන් වීරයා ඔහුයි. ගමේ දරුවන්ගේ ජීවිත රැක්කේ ඔහුයි. මේ වසංගතය අද රැගෙන ගිය ආදරණීය වෛද්‍යවරයා ගැන කඳුළු හිතෙන කතාවක්.වෛද්‍ය ගයාන් දන්තනාරායන අද ජීවිතයෙන් සමුගත්තේ වසංගතය ආසාදිතව සමුගත් පළමු ලාංකික වෛද්‍යවරයා ලෙසයි. මෙරට ගම් නියං ගම්වල දරුවන් දහස් ගණනකගේ ජීවිත බේරා ගත් කීර්තිමත් වෛද්‍යවරයෙකු වූ මෙම තරුණයා මෙරට සුව විරුවා යන නමටම ගැලපුණු මිනිසෙකි. ඔහුගේ වියෝවත් සමග ඒ ආදරණීය ලාංකිකයාගේ අතීත මතකයන් රැසක් වෛද්‍යවරු අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා. ගයාන් වගේ මිනිස්සු මේ වෙලාවෙ ජීවත් වෙන්න ඕනෙ ඒ වගේ නැති මිනිස්සුන්ගෙන් මේ ලෝකෙ පිරිලා ඉතිරිලා නිසා. මේ කථාව මගේ පලවෙනි පත්වීම අරගෙන දෙහිඅත්තකන්ඩිය ළමා රෝග ඒකකයේ වැඩකරපු කාලේ ගැනයි. අවසන් සටන අවසන් වෙලා අම්පාරට පොලොන්නරුවට සංවර්ධනයේ අලුත් බලාපොරොත්තු එන කාලේ. දෙහිඅත්තකන්ඩියට ලඟම නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකය පොලොන්නරුව මහ රෝහල. ඉතින් ඒ කාලේ හැමදාම ඒක පිරිලා. ඉතිං අලුත ඉපදුන අසාද්‍ය නොමේරූ ළදරුවො අරගෙන අපිට යන්න වෙන්නෙ අම්පාරට. දෙහිඅත්තකන්ඩියෙ ඉඳන් ඒකාලෙ අම්පාරට යන ගමන අවම පැය 3ක් යනවා. කිලෝමීටර් 125 ක දුරෙන් වැඩි කොටසක පාරෙ ඇම්බියුලන්ස් එකේ යට බිම වදින සයිස් වලවල්. ඒ කාලෙ තිබ්බ ඇම්බියුලන්ස් කියන්නෙ නිකංම ඇඳක් හයිකරපු පිටිපස්සෙ දුනු තියන හයිඒස් වෑන්. මාදුරුඔය රක්ෂිතය මැදින්, අරලගංවිලෙන් යන පාරෙ තියන වලවල් වල වැටෙනකොට හූමිකම්පාවක් වගේ ගැස්සෙන්නෙ.ගමන මැද ගැස්සෙනකොට අර දරුවට කෘතීම ස්වශනය දෙන්න දාපු ET tube එක ඔක්සිජන් දෙන්න පෙනහලුවලට දාන නලය ගැලවිලා. ඉතිං ඇම්බියුලන්ස් එක නවත්තලා ටෝච් එකක් ගහගෙන ආයෙ ඒක දාන්න ඕනේ. දරුවගෙ විජලනය වලක්වන්න ඇම්බියුලන්ස් එකේ ජනෙල් ඔක්කොම වහන්න ඕනෙ, උශ්නත්වය රැකගන්න ඕනෙ නිසා AC එක දාන්නෙ නෑ. මේ වෙනකොට ඇම්බියුලන්ස් එක ඇතුල පෝරනුවක් වගේ. කොහොමත් ගමනෙ මේ වෙලාව වෙනකොට නර්ස් මිසී සුළු සේවිකාව එහෙම බොහෝවිට වමනෙ දාන්න පටන් අරන්. අපි ඔය දුශ්කර ගමන ගෙවාගෙන යනකොට අම්පාරෙ ලදරු දැඩි සත්කාර ඒකකයෙ බොහෝවිට ඉන්නෙ ගයාන්. සෞඛ්‍ය ක්ශේත්‍රයේ මේ වගේ කේස් එකක් ඇම්බියුලන්ස් එකක දාලා අරන් එන එකට කියන්නෙ බකට් එකක් කියලා. බකට් එකක් අරන් යන අපිව ඕන තැනකින් බාරගන්නෙ කැමැත්තෙන් නෙවෙයි. ඒ අතින් අම්පාරෙදි ළමයා භාරගෙන කෘතීම ස්වශන යන්ත්‍රවලට සෙට් කරපු ගමන් ගයාන් අහන්නෙ අයියෙ කාලද ආවෙ කියලා. බොහෝවිට රෝහලේ කැන්ටින් එකට ගිහින් තේ එකක්, කන්න දෙයක් අරන්දීලා ළමයා අමාරුවෙන් එක්කගෙන ආවට තෑන්ක්ස් කියලා තමයි ආයෙ අපිව එවන්නෙ. ඒ වගේ පුරුද්දක් කිසිම කෙනෙක් කරනව මගේ ජීවිත කාලෙදි දැකලා නෑ. ගයාන් ලගෙ PBU එකෙන් භාරගත්තු දරුවො සති කීපයකින් සුවකරලා ආයෙ එවනවා. එහෙම ගිහිං සනීපවෙලා ආපු සමහර දරුවො අදටත් උපන්දිනේට මාව බලන්නත් එනවා. ඒ ගොඩක් දරුවො දැන් පෙරපාසල් පාසල් යන නිරෝගී ළමයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here