ජගත් මානව හිමිකම් කවුන්සලය විසින් පසුගිය කාලසීමාව පුරාවට මෙරට යුධ අපරාධ පිළිබඳව දිගින් දිගටම ශ්‍රී ලංකාව වෙත චෝදනා එල්ල කළා.

එළඹෙන 22 දා ජගත් මානව හිමිකම් කවුන්සලයේ සැසිවාරය පැවැත්වීමට සුදානම්ව ඇති පසුබිමක මෙවැනි චෝදනා එල්ලවීම පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී විමසීමක් කළා.

ඊට පිළිතුරු දුන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල,

මෙම චෝදනා ඇත්තෙන්ම පදනම් විරහිතයි.ඒ වගේම සරලව ගන්නත් බැහැ. ඒක පොදුවේ අපි කවුරුත් දන්නවා.මේවගේ චෝදනා එල්ල කරන්නේ ඒ රටවල තියෙන දේශපාලනික පසුබිම් මුල් කරගෙන. මේ හේතුවෙන් මෙම තීරණ වලට අපි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිතුරු දෙන්න ඕනේ. ඒවගේම අපි රජයක් විදිහට මේ චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here